පංච කල්‍යාණ නම් මෙසේය
- දන්ත කල්‍යාණය – නීරෝගී වූ ද, එක පෙළට පිහිටියා වූ ද දත්
- චවි කල්‍යාණ – නීරෝගී වූ ද, පැහැපත් නීරෝගී වූ ද සම
- කේශ කල්‍යාණ – නීරෝගී වූ ද, ප්‍රමාණවත් වූ ද හිසකේ
- මාංස කල්‍යාණ – නීරෝගී වූ ද, පිරිපුන් වූ ද ශරීරාංග
- වයං කල්‍යාණ – නීරෝගී වූ ද, වයසට සරිලන වූ ද පෙනුම
නිවැරදි භාෂා භාවිතය – කල්‍යාණ
කල්‍යාණ යන්න යහපත් – සුන්දර යන අරුත් දෙයි. කල්‍යාණ පුරුෂලිංග ය. කල්‍යාණි ස්තී‍්‍රලිංග ය. නපුංසක ලිංගයෙහි ද ‘කල්‍යාණ’ යෙදේ.
කල්‍යාණ මිත‍්‍රයා යනු යහපත් මිත‍්‍රයා ය. ‘පංච කල්‍යාණී’ යනු කේශ, දන්ත, ඡවි, මාංස හා වයං යන පංචාංගයෙන් කල්‍යාණයට පත් ස්ති‍්‍රයයි.
‘කල්‍යාණ’ යන්නෙහි මූර්ධජ ‘ළ’ කාරයක් කිසි කලෙක නො යෙදේ. එහෙත් සමහරු ‘කළ්‍යාණ’ යනුවෙන් වැරැදියට ලියති. එසේ ම ‘කළ්‍යාන’ යන්නත් වැරැදියි.
ඇතැමුන් ‘කල්‍යාණ’ හා ‘කැළණි’ යන වැරැදි වචන ලියන්නේ තුන්වැනි අකුරේ ඇති මූර්ධජය බලා ගෙන විය හැකියි. ‘කැලණි දුම්රිය පළ’ යන නාම පුවරුවල ද කලක් ම දකින්නට ලැබුණේ වැරැදි ‘ළ’ කාරයයි. රජයේ ලියකියවිලිවල ද බෙහෙවින් දකින්නට ලැබුණේ වැරැදි ‘කැළණිය’ යි.
මට මතක හැටියට ‘කැලණි’ හා ‘කල්‍යාණ’ යන නිවැරැදි යෙදුම් ගැන ප‍්‍රසිද්ධියේ කතා කළේ ලංකාදීප පත‍්‍රයේ ආරම්භක කතුවරයා වූ ජූලියස් ද ලැනරෝල් මහතා ය. ඒ 1947 වර්ෂයේ ය.
සිළුමිණ දොස් නිදොස් විශ්ලේෂණය – ඩී.එෆ්.කාරියකරවන